සිංහල සිරිතට මුල් තැන දෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (14) කොළඹ ජනාධිපති නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්ර ඉටුකිරීමට එක් වී සිටියා.
එහිදී ජයන්ති සිරිසේන මැතිණිය සහ චතුරිකා, දහම්, තිළිණ, ධරණි දූ පුතුන් සමඟ එක්ව නැකතට ලිප ගිනි දැල්වූ ජනාධිපතිතුමා අලුත් අවුරුදු චාරිත්රවල නිරත වී තිබෙනවා.
වැඩ ඇල්ලීමේ චාරිත්රය ඉටු කරමින් ජනාධිපති නිල නිවස පරිශ්රයේ රත් සඳුන් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කර තිබෙනවා.
ජනාධිපතිතුමා අනතුරුව ගනුදෙනු කිරීමේ චාරිත්රය සඳහා එක් වූ බවයි වාර්තාවුනේ.