ලෝකෙටම එකයි , හක්ගලින් පුදුම දෙයක් සොයාගෙන..
Monday, 11 November 2024 - 15:10 | Views - 473

ශ්රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගනී උද්භිද උද්යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබෙනවා.
ශ්රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනිමට උද්භිද උද්යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාර පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
නුවරඑළිය, හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිත භූමියෙන් මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකිව තිබෙන බවයි පැවසෙන්නේ.
උද්භිද විද්යාත්මකව එම ශාකය කෝලියාස් හක්ගලෙන්සිස් අබේසේකර, කසුනිකා, හලුවන සහ නිලන්ක (Coleus Hakgalensis Abeysekara, Kasunika, Haluwana & Nilanka) යනුවෙන් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ එම පර්යේෂණයේ නියැළුණු සුමේධා අබේසේකර, ඕවිටිමුල්ලගේ කසුනිකා, නිශාන්ති හළුවන සහ නඳුන් නිලංක යන පර්යේෂණ කණ්ඩායමට අයත් පිරිසේ නම් වලින්.
2013 සිට ක්රියාත්මක ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ ජාතික ශාකාගාර කාර්ය මණ්ඩලය සොයා ගන්නා ලද ශාක විශේෂයක් ලෙසින් මෙය ඉතිහාසයට එක්වනවා.
මින්චි (Lamiaceae) ශාක කුලයට අයත් නව කෝලියාස් (Coleus) ශාක විශේෂයක් ලෙස මෙම නව ශාක විශේෂය හඳුනාගෙන තිබෙනවා.
2024 වසරේ ජාතික උද්භිද උද්යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරය විසින් ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ උද්භිද විද්යාත්මක ගවේෂණයකදී මෙම නව සොයාගැනීම සිදුකර තිබෙනවා.
ජාතික ශාකාගාරයට වසර 200ක් සම්පූර්ණ වන 2024 වසරේ මෙය අනාවරණය කර ගැනීමට හැකි වීම සුවිශේෂී සිදුවීමක්.
නව සොයාගැනීම සම්බන්ධයෙන් ශාක වර්ගීකරණය විද්යාව පිළිබඳ අන්තර්ජාතික සඟරාවක් වන PHYTOTAXA සඟරාව ඉකුත් ඔක්තෝබර් මස 30 වැනිදා ප්රකාශනයට පත් කොට තිබෙනවා.
Share This Article