බල හුවමාරුවට ධවල මන්දිරයට පැමිණෙන්නැයි ට්‍රම්ප් ට ලැබුණු ඇරයුම..
Thursday, 07 November 2024 - 16:15 | Views - 408

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ට් ට්‍රම්ප්ට වෙත සුබපැතුම් එක්කර තිබෙනවා.

දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ධවල මන්දියර වෙත පැමිණෙන ලෙසටයි.

ඊට අමතරව චීන ජනාධිපතිවරයා ද ට්‍රම්ප් වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා.

ජනාධිපතිවරණය සටනින් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පවුලේ සමාජිකයින් සහ ළඟම හිතවතුන් සමඟ සමූහ ජායාරූපයකට පෙනි සිටි අයුරු දැක්වෙන රූපයක් ට්‍රම්ප්ගේ මිනිබිරිය වන කායි ට්‍රම්ප් විසින් සිය එක්ස් සමාජ ගිණුමේ පළ කර තිබෙනවා.

මෙම ඡයාරූපය සඳහා ට්‍රම්ප්ගේ මැතිවරණ සටනේ දැවැන්තයෙකු ලෙස කටයුතු කළ එලොන් මස්ක් පෙනිසිටිම විශේෂත්වයක්.

අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළට තවත් ප්‍රාන්ත 03ක පමණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතයි.

දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 294ක බලය හිමිව තිබෙනවා.

ඔහුගේ ප්‍රතිවාදියා වු ඩිමොක්‍රොටික් පක්ෂ ජනපති අපේක්ෂක උප ජනපතිනි කමලා හැරිස්ට ඡන්ද විද්‍යාල 223ක බලය හිමිවූණා.

මේ අතර ජයග්‍රහණයත් සමඟ අමෙරිකාව පාලනය කරනු ලබන වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් ඉතිහාස ගතවනවා.

1946 ජූනි 14 වනදා උපත ලැබු ට්‍රම්ප්, මේ වන විට 78 වන වියෙහි පසුවන අතර ඔහු සිය ධූර කාලය අවසන් කරන විට 83 වැනි වියට පා තබනු ඇති.

හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් 2020 වසරේ ජනාධිපතිධුරයට පත්වන විට ඔහුගේ වයස 77ක්.


Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top