විද්‍යාවටත් කට උත්තර නැති කරපු තැන් ..
Monday, 20 February 2017 - 13:06 | Views - 4,160
අද වනවිට ලෝකයේ තාක්ෂනය හා විද්‍යාව ඉතාමත් දියුණු මට්ටමක පවතින බව රහසක් නෙමෙයි.
එත් ඔබ දන්නවද ඉතා දක්ෂ බුද්ධිමත් විද්‍යාඥයින්ට පවා තවමත් උත්තර හොයාගන්න බැරි දේවලුත් තියෙන බව ?එයින් කිහිපයක් අපි බලමු..

එළදෙනුන් ආහාර ගැනීමේදී  නිතරම උතුරු දිශාවට හෝ දකුණු දිශාවට මුහුණලා සිටින්නේ ඇයි ?



චන්ද්‍රිකා තාක්ෂනය විශ්ලේෂණය කරපු විද්‍යාඥයින්ට සිතාගත නොහැකි දෙයක් සොයාගන්න පුළුවන් වුණා. ඒ තමයි එළදෙනුන් ආහාර ගැනීමේදී  නිතරම උතුරු දිශාවට හෝ දකුණු දිශාවට මුහුණලා සිටීම. පෘතුවියේ ප්‍රධාන චුම්බක ද්‍රව දෙක වනුයේ උතුරු දිශාව හා දකුණු දිශාවයි. ඉතින් එළදෙනුන් එම චුම්බක ද්‍රව දෙක දිශාවටම මුහුණලා ආහාර ගැනීම අදටත් සොයාගත නොහැකි රහසක්.

තක්කාලි වල ඇති ජාන ප්‍රමාණය 30 000 කට අධිකයි..



මිනිසාට ජාන තියෙන්නේ 20 000 ත් 30 000 ත් අතර ප්‍රමාණයකි.නමුත් ඔබ දන්නවද තක්කාලි වල මිනිසාට වඩා , ඒ කියන්නේ 30 000 කටත් වැඩි ප්‍රමාණයක් ජාන තියෙන බව ? මිනිසා කියන්නේ සොබාදහම විසින් නිර්මාණය කරපු ඉතාමත් සංකීර්ණ දෙයක්. නමුත් මිනිසකු නිර්මාණය කිරීමට වැය කල ඒ ජාන ප්‍රමාණයට වඩා අධිකව මේ තරම් ජාන ප්‍රමාණයක් සොබාදහම විසින් තක්කාලි ගෙඩියක් නිර්මාණය කරන්න වැය කරන්නේ ඇයි දැයි යන්න කිසිම කෙනෙකුට මේ වනතුරුත් සොයාගන්න පුළුවන් වෙලා නැහැ.

placebo effect



අසනීපයක් ඇතී විටක ඔබ බෙහෙත් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. එත් දන්නවද.. බොහෝ විට ඔබව සුව කරන්නේ බෙහෙත් වල ඇති ඖෂධ වලට වඩා , ඒ බෙහෙත් වලින් ඔබ සනීප වෙයි කියලා ඔබේ හිතේ තියෙන විශ්වාසයි. ඔබ පාවිච්චි කරන බෙහෙත ඇත්තටම බෙහෙත් පෙත්තක් වුවත් ව්‍යාජ බෙහෙත් පෙත්තක් වුවත් ඔබේ හිත තුල ඇති විශ්වාසය ඔබව සුව කරනවා. ඔබ බෙහෙත ගැන ඇති විශ්වාසය නැති කරගත්තොත් එම බෙහෙත් වලින් ශරීරයට ඇතිවන බලපෑම තුරන් ව යනවා.මෙය සිදුවන්නේ කොහොමද කියාද තවමත් කිසි කෙනෙක් සොයාගෙන නැහැ.

ක්ෂීරපායි සත්වයින් ගොඩබිම සිට ජලයට සංක්‍රමණය උනේ අයි ?



ජිවත් වීමට පහසු විදියට වගේම පරිනාමය වීමට සාර්ථක වටපිටාවක් ගොඩබිම තිබුණ නිසා සත්වයින් ජලයේ සිට ගොඩබිමට පැමිණියේය. නමුත් සීල් සත්වයින් , තල්මසුන් , වැනි සතුන් ජලයට සංක්‍රමණය වුයේ ඇයි කියල අදටත් කිසිමකෙනෙක් දන්නේ නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top