සුවිශේෂී ග්රහලෝක පෙළක් නැරඹීමේ අවස්ථාව , තවත් සති දෙකකින්
Wednesday, 15 May 2024 - 11:31 | Views - 666
සෞරග්රහ මණ්ඩලයේ ග්රහලෝක 6ක් එක රේඛාවක පිහිටනු දැකීමේ සුවිශේෂී අවස්ථාවක් , පෘථිවියේ දක්ෂිණ අර්ධ ගෝලයේ වාසය කරන ජනතාවට හිමිවනවා.
ඒ අනුව, මැයි 28 වනදා සිට ජූනි 06 වනදා දක්වා බ්රහස්පති, බුද, අඟහරු, සහ සෙනසුරු එක පෙළට පියවි ඇසින් දැකීමට හැකිවන අතර, යුරේනස් සහ නෙප්චූන් ග්රහ ලෝකයද දුරදක්නයකින් බලාගත හැකිවනු ඇති.
මේ වසරේ දක්නට ලැබෙන දෙවන ග්රහලෝක පෙළපාලිය මෙය වනවා.
අවසන් වරට මෙය දර්ශනය වූයේ පසුගියදා පැවති සූර්යග්රහණ අවස්ථාවේදියි.
ඔස්ට්රේලියාවේ සිඩ්නි නගරයට ලබන 28 වනදාත්, ටෝකියෝ සහ ඇතන්ස් හිදී ජූනි 2 වැනි දිනටත් එය දැකගත හැකියි.
ලෝකයේ අනෙකුත් රටවල සිටින අයට ලබන 28 සහ ජූනි 6 අතර අවම වශයෙන් ග්රහලෝක පෙළපාලියේ කොටසක් දැකගත හැකි වනු ඇති බවයි තාරකා විද්යාඥයන් ප්රකාශ කළේ.
අමෙරිකාවේ නිව්යෝක්, බ්රසීලය, මෙක්සිකෝ, අබුඩාබි, හොංකොං, ඇතන්ස් සහ ටෝකියෝ වාසීන්ට එම අවස්ථාව උදාවනවා.
Share This Article