පියවි ඇසට ලේසියෙන් දකින්න නොලැබෙන, ඇන්ඩ්රොමීඩා මන්දාකිණියේ සමීපතම දසුන්.. (Photos)
Wednesday, 17 April 2024 - 11:46 | Views - 676
ඇන්ඩ්රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට නාසා ආයතනය සමත් වී තිබෙනවා.NASA/ESA (යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය), හබල් අභ්යවකාශ දුරේක්ෂය මඟින් ග්රහණය කර ගන්නා ලද එම ඡායාරූපය පික්සල් බිලියන 1.5ක් සහිත එකක් බවයි පැවසෙන්නේ.ඒ අනුව, එම සම්පූර්ණ රූපය ප්රදර්ශනය කිරීමට HD රූපවාහිනී තිර 600කට වඩා අවශ්ය වන බව ද සඳහන්. ඇන්ඩ්රොමීඩා මන්දාකිණිය ආලෝක වර්ෂ 40,000ක් පුරා විහිදෙන අතර, එහි තරු මිලියන 100කට අධික සංඛ්යාවක් සහ තරු පොකුරු දහස් ගණනක් තිබෙනවා.එම ඇන්ඩ්රොමීඩා මන්දාකිණියේ විශාලත ම ඡායාරූපය මෙතැනින් නැරඹීමට හැකි අතර, එය වඩාත් සමීපව දැක ගැනීම zoom tool එක මඟින් සිදු කර ගත හැකි බවයි යුරෝපා අභ්යවකාශ ඒජන්සිය (European Space Agency) පවසන්නේ.මෙතනින් පිවිසෙන්න- https://esahubble.org/images/heic1502a/zoomable/
Share This Article