වසර 71කට පසු , හෙට සිදුවෙන වෙනස..
Sunday, 07 April 2024 - 14:33 | Views - 1,173

"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට පසුව දැක බලාගැනීමේ අවස්ථාව හෙට (අප්රේල් 8) වැනිදා ශ්රී ලාංකිකයන්ට උදාවන බව තාරකා විද්යාඥයින් පවසනවා.
මෙම වල්ගා තරුව වර්ෂ 1300 ගණන්වල චීන තාරකා විද්යාඥයින් විසින් ප්රථම වරට නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා.
කෙසේවෙතත්, 19 වන සියවසේදී ප්රංශ තාරකා විද්යාඥ ජීන් ලුයිස් සහ වර්ෂ 1883 දී බ්රිතාන්ය අමෙරිකානු තාරකා විද්යාඥ විලියම් රොබට් බෲක්ස් විසින් එය නිරීක්ෂණය කිරීමෙන් පසුව, එයට නිල පිළිගැනීමක් හිමිවූ අතර වල්ගා තරුවට පොන්ස්-බෲක්ස් යන නම ලැබී ඇත්තේ ඒ අනුවය.
‘‘යක්ෂයාගේ වල්ගා තරුව‘‘ ලෙස එය වඩාත් ප්රචලිත වන්නේ එහි ඇති අයිස් හා වායුව වරින් වර පුපුරා යාම නිසා එම පිපිරීම් වලින් වල්ගා තරුවට යක්ෂ අං ඇති පෙනුමක් ලබාදීම හේතුවෙනි.
තවද , මෙය සැතපුම් 18.6ක් පළල ‘‘යක්ෂයාගේ වල්ගා තරුව‘‘ අප්රේල් 21 වනදා සූර්යයාට සමීපතම ප්රවේශයට ලඟාවීම සිදුවනු ලබයි.
එමගින් අදහස්වන්නේ ලබන සතියේ සිට එය නිවැරදි තත්ත්වයන් යටතේ පියවි ඇසට දැකිය හැකි අවස්ථාව උදාවන බවය. නාසා ආයතනය පවසන්නේ ‘‘යක්ෂයාගේ වල්ගා තරුව අප්රේල් 10වන දින ‘‘ චන්ද්රයාට යටින් ස්ථානගත වන බවත් එම දිනය එය නැරඹීමට සුදුසුම දිනය බවය.
‘‘යක්ෂයාගේ වල්ගා තරුව‘‘ බ්රහස්පති ග්රහයාට ආසන්නයට පැමිණෙන්නේ අප්රේල් 8 වන දිනයේදී වන අතර එහිදි වැඩි දීප්තිමත් බවක් නිරීක්ෂණය කළ හැකිය.
එමෙන්ම, අප්රේල් 8 වෙනිදා සිදුවීමට නියමිත සූර්යග්රහණය සම්පූර්ණ අවධියට හෙවත් පූර්ණ සූර්යග්රහණය අතරතුර අහස කළු පැහැයට හැරෙන අවස්ථාවේ තරු කිහිපයක්, ග්රහලෝක හයක් සහ මෙම විශේෂ ආගන්තුකයා වන ‘‘යක්ෂයාගේ වල්ගා තරුව‘ දෘශ්යමාන වීමටද නියමිතය.
Share This Article