‘ඇනා ජුලියා’ මරා දාලා (Photos)
Thursday, 28 March 2024 - 12:33 | Views - 615
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්යාඥයන් හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්ය පවසනවා. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් පිරිසක් බවයි මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.
15 දෙනකුගෙන් සමන්විත ජාත්යන්තර සත්ව විද්යාඥයන් කන්ඩායමක්, ඇමසන් වනාන්තරයේ ගෝත්රිකයන්ගේ ද මඟ පෙන්වීමෙන්, ඇමසන් ගංගාවට සම්බන්ධ අතු ගංගාවකින් මෙම විශාගලතම ඇනකොන්ඩා සොයා ගත්තේ පසුගිය පෙබරවාරියේය. ගැහැණු සත්වයකු වූ මෙම ඇනකොන්ඩා ‘ඇනා ජුලියා’ යනුවෙන් නම් කෙරුණා.
තවද, ලොව විශාලතම සර්පයන් ලෙස සැලකෙන්නේ ඇනකොන්ඩාවන්ය. ඇනකොන්ඩාවන් පිඹුරන් විශේෂයකි. ඇනකොන්ඩාවන් අතරින් ද විශාලතම ඇනකොන්ඩා ලෙස සැලකුණේ ‘ඇනා ජුලියා’ ය. ‘ඇනා ජුලියා’ උතුරුදිග හරිත ඇනකොන්ඩාවෙකු වන අතර, උතුරුදිග හරිත ඇනකොන්ඩාවන් නව ඇනකොන්ඩා විශේෂයක් බවත් විද්යාඥයන් තහවුරු කර තිබුණා.
(ඩේලිමේල්)


Share This Article