කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි !
Thursday, 21 March 2024 - 16:47 | Views - 287
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 42 කින් පරාජයට පත් වී තිබෙනවා.
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව අද වැඩි ඡන්ද 42 පරාජය වී තිබෙනවා.
එසේම, ඡන්ද විමසුමේ දී විශ්වාසභංග යෝජනාව විපක්ෂව ඡන්ද 117ක් ලැබුණු අතර, ඊට පක්ෂව ලැබුවේ ඡන්ද 75ක් පමණි.
ඒ අනුව, කථානායක මහින්ද යාපා අබේවර්ධන තවදුරටත් එම දුරයෙහි කටයුතු කෙරෙණු ඇති.
කෙසේ වෙතත්, මීට අදාළ යෝජනාව පිළිබඳ විවාදය පසුගිය 19 වැනිදා ආරම්භ කළ අතර, එය දින 3ක් පුරා පැවැත්වුණා.
විවාදය ක්රියාත්මක වූ දින තුනෙහිම කථානායකවරයා සිය අසුනට පැමිණියේ නැහැ.
එසේම, ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කථානායකවරයා විසින් විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
Share This Article