සති දෙකකට වැසුණු පාසල්
Thursday, 21 March 2024 - 9:54 | Views - 1,317
අතිශය උණුසුම්කාරී දේශගුණික තත්ත්වයකට මුහුණ පා සිටින දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකක කාලයකට වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
සිය දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙස එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා..
පසුගියදා නිවේදනයක් නිකුත් කරමින්, දකුණු සුඩානයේ රජය ජනතාවට දැනුම් දී ඇත්තේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත සෙල්සියස් අංශක 45කට වැඩි උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි..
එබැවින් රජයේ නියෝග පැහැර හැර විවෘතව තබන ඕනෑම පාසලක ලියාපදිංචිය අත්හිටුවන බවට, අනතුරු අඟවා ඇති බවද, වාර්තා වෙනවා.
Share This Article