පාසල් සිසුන්ට වවුචරයක්..
Wednesday, 20 March 2024 - 16:48 | Views - 940
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
හෙට පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පස්වරු 4.30 ට ඊට අදාළ ඡන්දය පැවැත්වීමට නියමිතයි. මේ අතර, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මත්පැන් අලෙවිසැල් සදහා නව බලපත්‍ර 200ක් ලබා දීමේ සුදානමක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් සිදුකළා.
එමෙන්ම, කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සදහා බදු පැනවීම සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් මතු කළා.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේ මෙරට පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අප්‍රේල් මස සිට වවුචරයක් නිකුත් කරන බවයි.
Share This Article