අලුත් අවුරුදු උණුසුමත් සමඟම දැඩි හිරු රශ්මියෙන් ජනතාවට පීඩා
Monday, 10 April 2017 - 13:48 | Views - 3,201
රටම සිංහල සහ හින්දු අලුත් අවුරුදු සිරියෙන් ඇලලී ගිය බක් මාසය ආරම්භයේම ලහි ලහියේ අවුරුද්දට සුදානම් වන ජනතාවට වෙනදාට වඩා දැඩි හිරු රශ්මියෙන් පීඩා පත්වන්නට සිදුව තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව මේ දිනවලදී සුර්යයා ශ්‍රී ලංකාවට මුදුන්ව පැවතීමයි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මස 5 වැනිදා සිට 15 වැනිදා දක්වා ශ්‍රි ලංකාවට සෘජුව ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඊයේ දහවල් 12.12 ට බංගදෙනිය, වාරියපොළ, දම්මනතැන්න, තුම්පලන්චෝලෛ සහ මකිලදිතිව් යන ප්‍රදේශවලට සුර්යයා මුදුන්ව පැවතියා.

අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනිමට කොළඹ නගරයට පැමිණි ජනතාවත් කොළඹින් ගම රට බලා යන ජනතාවත් දැඩි අව් රශ්මියෙන් බැටකන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top