අලුත් අවුරුදු උණුසුමත් සමඟම දැඩි හිරු රශ්මියෙන් ජනතාවට පීඩා
Monday, 10 April 2017 - 13:48 | Views - 3,202
රටම සිංහල සහ හින්දු අලුත් අවුරුදු සිරියෙන් ඇලලී ගිය බක් මාසය ආරම්භයේම ලහි ලහියේ අවුරුද්දට සුදානම් වන ජනතාවට වෙනදාට වඩා දැඩි හිරු රශ්මියෙන් පීඩා පත්වන්නට සිදුව තිබෙනවා.
ඊට ප්රධාන හේතුව මේ දිනවලදී සුර්යයා ශ්රී ලංකාවට මුදුන්ව පැවතීමයි.
දෘශ්ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අප්රේල් මස 5 වැනිදා සිට 15 වැනිදා දක්වා ශ්රි ලංකාවට සෘජුව ඉහළින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඊයේ දහවල් 12.12 ට බංගදෙනිය, වාරියපොළ, දම්මනතැන්න, තුම්පලන්චෝලෛ සහ මකිලදිතිව් යන ප්රදේශවලට සුර්යයා මුදුන්ව පැවතියා.
අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනිමට කොළඹ නගරයට පැමිණි ජනතාවත් කොළඹින් ගම රට බලා යන ජනතාවත් දැඩි අව් රශ්මියෙන් බැටකන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා.
Share This Article