2024 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී හිරුට සම්මාන රැසක්..(Video)
Wednesday, 20 March 2024 - 6:37 | Views - 581

ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය අවකාශයේ අති විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් 2024 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී විද්‍යුත් මාධ්‍ය සඳහා ලබා දුන් සම්මාන අතරින් වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලබන්නට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.
ඒ අනුව හිරු TV, හිරු FM, ෂා FM සහ සූරියන් FM ස්ලිම් කැන්ටාර් සම්මාන රාත්රියේදී ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධාන කළ 2024 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් කොළඹදී පැවැත්වුණා.
එහිදී වසරේ විශිෂ්ටතම ප්රවෘත්ති සපයන්නා ලෙස හිරු ප්රවෘත්ති සම්මානයට පාත්‍ර වුණේ ජනතාව හිරු වෙත තැබූ විශ්වාසනීයත්වය යළි යළිත් තහවුරු කරමින්.
විශිෂ්ටතම ප්රවෘත්ති සපයන්නා ලෙස හිරු ජනතා සම්මානයට පාත්‍ර වූ 6 වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි නාලිකාව ලෙස යළිත් වරක් ජනතා සම්මානයට පාත්‍ර වුණේ හිරු FM.
වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි වැඩසටහන ලෙස හිරු FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් ඩීජේ අරා ඇන්ඩ් පැස්බරා වැඩසටහන මෙවරත් සම්මාන ලැබුවා.
වසරේ තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව ලෙස ජනතා සම්මානයට පාත්‍ර වුණේ ෂා FM ගුවන් විදුලි නාලිකාවයි.
වසරේ විශිෂ්ටතම දමිල ගුවන් විදුලි නාලිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වුණේ හිරු FMහි සහෝදර නාලිකාවක් වන සූරියන් FM.
ඒ අනුව මෙවර සම්මාන උළෙලේ විද්‍යුත් මාධ්‍ය සඳහා පිරිනැමූ සම්මාන 8න් 5ක්ම හිරු මාධ්‍ය ජාලය විසින් හිමි කර ගැනීමත් විශේෂත්වයක්.
ජනතාවාදී ජනමාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් හිරු මාධ්‍ය ජාලය මෙතෙක් ආ ගමන්මගේ දී විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මානයට පාත්රවු අවස්ථාවන් බොහෝයි.
එලෙසින් අප සම්මානයට පාත්‍ර වන්නේ ප්‍රෙක්ෂක ඔබ වෙතින් හිමි වන විශ්වාසනීය ප්‍රතිචාරය හේතුවෙන්.
මෙරට ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය කලාව නව මානයකට ඔසවා තැබූ හිරු වෙත යළි යළිත් තැබූ විශ්වාසය වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක ඔබට හිරු අපේ ප්‍රණාමය.
Share This Article