අතීතය අතැර දමා, වැටුණු තැනදි නැවත නැගිටින්න..
Tuesday, 19 March 2024 - 15:35 | Views - 474

වැටෙණු තැනදි ඔළුව හදාගන්න ලිපි ,
"මට වෙච්ච දේවල් අමතක කරළා ජීවත් වෙන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒත් කොහොමද මම ඒක කරන්නේ. මට තාම එයාගේ මුහුණ අමතක කරන්න බැහැ. ගෙවුණු කාලය පුරාවටම මම වැඩියෙන්ම කළේ අඬපු එක විතරයි. මමයි මගේ කොට්ටෙයි විතරයි දන්නේ මම අඬපු තරම්. ඒත් ඉතින් මේ තත්ත්වයෙන් මට ගොඩ එන්න ඕන."
සමහර විට මේ වෙලාවේ ඔයා ඉන්නෙත්, මේ වගේ අතීතයේ වෙච්ච දේවල් අමතක කරන්න බැරුව වේදනාවෙන් වෙන්න ඇති, නමුත් ඔයාට ඒ වේදනාවෙන් මිදෙන්න අවශ්‍ය නම් අනුගමනය කරන්න පුළුවන් පියවර කිහිපයක් තියෙනවා.
අතීතයේ වෙච්ච දේවල් අත්හැර දැමීමට අනුගමනය කළ යුතු පියවර,
1.වේදනාකාරී සිතුවිලි මනසට පැමිණි විට ඊට එරෙහිව ධනාත්මක ස්වයං කථනයක් කරන්න.
උදා : "ජීවිතයේ නව මාවතක් හොයාගන්න ලැබුණ එක වාසනාවක් "
2.ඔබව මානසිකව පීඩාවට පත් කරන පුද්ගලයාගෙන් හෝ එම තත්ත්වයෙන් මිදී ඉවතට යාමට කටයුතු කරන්න.
3.කාලය කමින් කල්පනා කරනවාට වඩා ඔබ ඔබටම ස්තූතිවන්ත වන වැඩක නිරත වෙන්න.
4.සතිමත්භාවය (Mindfulness ) පුහුණු කරන්න.
5.ඔබ ඔබටම කාරුණිකව සහ මෘදුව සලකන්න.
6.ඍණාත්මක සිතුවිලි වලට බය වෙන්නේ නැතුව ඒවාට ගලාගෙන යන්න ඉඩ දෙන්න.
7.ඔබ ඔබේ සුවය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔබට රිදවූ පුද්ගලයා ඔබෙන් සමාව නොගන්නා බව පිළිගන්න.
8.ඔබ ගැනම සැලකිලිමත් වෙමින් ඔබේ අවශ්‍යතාවයන් කෙරෙහි ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්න.
9.හුදෙකලා වෙන්නේ නැතුව ඔබේ ජිවිතය අරුත් ගන්වන අය සමඟ සමීප වෙන්න.
10.ඔබව වේදනාවට පත් කළ සිදුවීම පිළිබඳව විශ්වාසවන්ත මිතුරෙක් හෝ මනෝඋපදේශකවරයෙක් සමඟ කතා කරන්න.(මනෝඋපදේශකවරයෙක් වෙත යොමු වෙන්න පුළුවන් නම් එය වඩාත් ඵලදායි පියවරකි)
11.ඔබට සුවපත් වීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන්ම ඔබ ඔබටම සමාව දෙන්න.
12.ඔබ මනෝඋපදේශකවරයෙක්ගේ වෘත්තිමය සේවාව ලබා ගැනීමට යොමු වෙන්න.
ඔබ තවදුරටත් වේදනාවට පත් වෙමින් අඬමින් කාලය ගත කරන්න අවශ්‍ය නෑ.
ඔබට ඔබේ මනස සුවපත් කරගැනීමට අවශ්‍ය නම් මේ පියවරයන් අනුගමනය කරන්න.
තවදුරටත් ආතතියට පත් වෙන්නේ නැතුව සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය දේ කරන්න හැම විටම උත්සහා කරන්න..
"අතහැරීමේ ක්‍රියාවලියේදී ඔබට අතීතයේ බොහෝ දේ අහිමි වෙනෙවා, නමුත් ඔබ ඔබම සොයා ගන්නවා."
පොඩ්ඩක් හිතලා බලන්න...!
වේදනාවෙන් මිදිලා මානසිකව සුවපත් වෙන්න ඔබට ඇත්තටම අවශ්‍යයිද කියලා.
Share This Article