සල්ලි නෑ , සල්ලි නෑ , කිය කිය ඉන්නේ නැතුව, මෙහෙම ඉතුරු කරන්න බලන්න...
Tuesday, 19 March 2024 - 9:28 | Views - 612

සල්ලි කියලා කියන්නේ හැමදෙනාටම ලොකු ප්රශ්නයක්. සල්ලි නැති කමත් ප්රශ්නයක්. සල්ලි වැඩිපුර තියෙන එකත් ප්රශ්නයක්.
අමාරුවෙන් හරි හම්බ කරගන්න සල්ලි රුපියලක් දෙකක් හරි ඉතිරි කරගන්න පුළුවන් කමක් ලැබුණොත් ඒක කොයි තරම් වටිනවා ද?
වතුර බිංදුව බිංදුව එකතු වෙලා ලොකු ගංගාවක් හැදෙනවා වගේ, රුපියල රුපියල හරි එකතු කරගන්න මහන්සි ගත්තොත්, මාස කිහිපයක් ඇතුලත යම් සැලකිය යුතු මුදලක් එකතු කරගන්න පුළුවන්, ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ.
මේක අවබෝධයෙන් අනුගමය කළොත් ලොකු වාසියක් වෙනවා.
මෙන්න මෙහෙම, හැමදාම හවසට තමන් සතුව ඇති මුදල් ප්රමාණය ගණන් කරන්න
වැඩ ඇරිලා ගෙදර ආපු හැටියේ, මහන්සි නොබලා මේ දේ කරන්න. වියදම් ඔක්කොම අවසානයේ, දවසේ අතේ ඉතුරු වුණු මුදල් ප්රමාණය ගණන් කරන්න.
ඔබට රුපියල් 232ක් ඉතුරු විදිහට ළඟ තියෙනවා කියලා හිතන්නකෝ.
එහෙම නම් , අගට 0ක් එන විදහට යම් කිසි රුපියල් ගණනක් අඩු කරන්න.
232-2=230
හෝ ඉලක්කම් දෙකක්ම අඩු කරලා,
232-32=200
විදිහටත්,රවුම් අගයක් ලබා ගන්න පුළුවන්.
දැන් ඉතින්, ඔබේ කැමැත්ත විදිහට රුපියල් 2 හෝ රුපියක් 32 වෙනම ඉතිරි කරන්න.
මේක ඉතිරියක් විතරයි. මේක වියදම් කරන්න හිතන්නවත් එපා. මේක කැටයකට දාන්නත් පුළුවන්. එතකොට හැමදාම පහු වෙනිදාට ඔබේ අතේ ඇති සම්පුර්ණ මුදල ගැනත් ඔබට හරි අවබෝධයක් තියෙනවා.
ඒ වගේම තමයි , කළින් මාසේ පඩියෙන් ඉතිරිය අයින් කරන්න පුරුදු වෙන්න..
මේක කියවද්දී හිනා යනවත් ඇති නේද?
හැම මාසෙම නැති වුණත් , කලාතුරකින් හරි ඔබට කළින් මාසෙන් කීයක් හරි ඉතිරියක් තිබුණොත්, ඒකත් කළින් ඉතිරියටම බැර කරන්න.
කළින් මාසේ පඩියෙන් රුපියල් 530ක් ඉතුරු වුණා කියලා හිතන්න.
එතකොට ඒ 530 වෙනමම අනිවාර්යයෙන් ඉතිරි කරන්න. එහෙම මාස කිහිපයක් ඉතිරි කරන්න පුළුවන්කම ලැබුණොත්,
යම් කිසි ගාණක් ඉතිරි කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට ඉතිරිය පුරුදු කරගත්තොත්, කාලයක් යනකොට ඔබ නොදැනුවත්වම ඔබේම කියලා පුංචි හරි මුදලක ඉතිරියක් ඔබ සතු කර ගන්න පුළුවන් වේවි.
ඕනෙම දෙයක් බෑ බෑ කියලා හිතන්නේ නැතුව, එක පාරක් හරි උත්සහා කරලා බලන්න.
එතකොට ඔබට ඇත්තටම පුළුවන්ද , නැත්නම් ඇත්තටම බැරිද කියලාවත් දැනගන්න පුළුවන් වෙනවානේ..
Share This Article