කොච්චර ගණන් ගියත් , මේ දිනවලට හොඳම හොඳ දෙයක් තමයි මේ..
Tuesday, 19 March 2024 - 8:29 | Views - 525
මේ දිනවල උතුරේ පවතින දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ සීනිකැකිරිවලට ඉහළ ඉල්ලුමක් හා ඉහළ මිලක් නියම වී තිබෙනවා.

වෙනත් කාලවලදී කිලෝ එකක් රුපියල් 120ට අලෙවි වූ සීනි කැකිරි කිලෝවක් මේ දිනවල මිල රුපියල් 300 ත් 400ත් අතර මිලක් ගන්නා බවයි වාර්තා වෙන්නේ.

මේ නිසා උතුරේ සෑම දිස්ත්‍රික්කයකම පහේ සීනි කැකිරි වගා කිරීමට එම පළාත්වල ගොවියෝ පුරුදු වී සිටිනවා.

ඉතා හොදින් සීනි කැකිරි ගෙඩි පැසුණු පසුව ඒවා පුපුරන්නට පටන් ගන්නා නිසා ගොවියන් ඒවා කොළපත් හෝ වෙනත් ආවරණ වලින් අසුරා වෙළඳපොලට රැගෙන යන බවයි වාර්තා වෙන්නේ.

දැඩි හිරු රශ්මිය පතිත වන කාලයට උතුරේ වැසියෝ මෙම සීනි කැකිරි වැඩි වශයෙන් පාරිභෝජනයට ගෙන ඔවුන්ගේ දාහය නිවා ගන්නා අතර සීනි කැකිරි ජලයේ දිය කොට සීනි දමා පානයක් වශයෙන්ද, පලතුරක් වශයෙන් සහ කෑමක් වශයෙන්ද ආහාරයට ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top