මිල වැඩි නිසා, මිනිස්සු කන්නේ නෑ..(Video)
Sunday, 17 March 2024 - 13:59 | Views - 751
පාන් සහ කේක් ඉල්ලුම සියයට 40කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ, අනෙකුත් බේකරි නිෂ්පාදනවල ඉල්ලුම ද සියයට 25කින් පමණ පහළ බැස ඇති බවයි.
බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ද පසුගිය කාලය තුළ ඉහළ ගිය අතර ඊට සමගාමීව පාන්, කේක් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමුණා.
මෙවැනි පසුබිමක පාන් සහ කේක් ඉල්ලුම සියයට 40කින් පමණ පහළ බැස ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.
බිත්තර, සීනි, මාගරින් වැනි අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හමුවේ කේක් මිල ද ඉහළ ගිය අතර මීට වසර 3කට පමණ ඉහතදී කේක් කිලෝවක් මිලදී ගත් මුදලෙන් මේ වනවිට මිලදී ගත හැක්කේ කේක් ග්‍රෑම් 250ක් බවයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කළේ.
පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම හමුවේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල ඉල්ලුමද සියයට 25කින් පමණ පහළ බැස ඇති අතර මෙම තත්ත්වය මත බේකරි කර්මාන්තය කරගෙන යාම අපහසු බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ.
Share This Article