දුම්රියේ ගමන් ගන්නා ඔබට විශේෂ දැනුම්දීමක්..
Sunday, 17 March 2024 - 11:19 | Views - 333
දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන් කිරීම සඳහා හඳුන්වාදුන් මාර්ගගත ක්‍රමවේදයේ තාක්ෂණික ගැටළු පවතින්නේ නම් ඉදිරි දින කිහිපයේ එම ගැටලු මඟ හරවාගෙන අදාළ ක්‍රමවේදය ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, ඇතැම් දුම්රිය මගීන් පෙන්වා දුන්නේ, එම ක්‍රමවේදයේ ගැටළු පවතින බවයි.

දුම්රිය ප්‍රවේශපත්‍ර ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මාර්ගගත ප්‍රවේශපත්‍ර ක්‍රමය හා මාර්ගගත ආසන වෙන්කිරීමේ ක්‍රමය පසුගියදා පළමු වරට හඳුන්වා දුන්නා.

ඒ අනුව, එලෙස ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ආසන වෙන් කරගත් මගීන්ට ටිකට්පත් වෙන්වී තිබුණද දුම්රිය ස්ථානයට පැමිණි පසු ඇතැම් මගීන්ට දැනගැනීමට ලැබී ඇත්තේ තමන්ට ආසන වෙන්වී නොමැති බවටයි.

ඒ අනුව, මගීන් කිහිපදෙනෙකු පසුගියදා (15) කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමත් සමග ප්‍රවේශපත්‍ර වෙන් කරන කාර්යාලයේ යම් තදබදයක්ද හටගෙන තිබුණා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජී. ඉඳිපොලගේ ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයේ මතුවිය හැකි තාක්ෂණික ගැටලු මඟ හරවාගෙන එම ක්‍රමවේදය ඉදිරියට පවත්වාගෙන යන බවයි.

මෙම ක්‍රමවේදය දිවයිනේ පළමු වරට ක්‍රියාත්මක කළ වැඩසටහනක් බැවින් එහි තාක්ෂණික ගැටලු මතුවිය හැකි බවද ඔහු අවධාරණය කළා.

කෙසේ වෙතත්, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ, ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ආසන වෙන් කළ පසු යළි දුම්රිය ස්ථාන වෙත පැමිණීම අවශ්‍ය නොවන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top