ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද..
Sunday, 17 March 2024 - 10:43 | Views - 1,072
කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය අද (17) පස්වරු 01ට ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුව විසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රවෘත්ති නිවේදනයක් මඟින් මෙම අවමංගල්‍ය උත්සවය නිවේදනය කරනු ලැබුවා.

එමෙන්ම කැනඩාවේ බෞද්ධ සම්මේලනය සඳහන් කරන්නේ මෙම ඝාතනය සිදුවූ පවුලේ ජීවත්ව සිටින පියා වෙන ධනුෂ්ක වික්‍රමසිංහ ශාරීරිකව සුවය ලබමින් සිටියත් මානසිකව බරපතල බිඳවැටීමක සිටින බවයි.

එමෙන්ම අවසන් කටයුතු සඳහා සිද්ධියෙන් තුවාල ලබා සිටින ඔහුද සහභාගීවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, මෙම සිදුවීමෙන් අවාසනාවන්ත ලෙස මියගිය 07 හැවිරිදි ඉනූක වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ, 02හැවිරිදි රින්යානා වික්‍රමසිංහ, මාස 02ක් වයසැති කෙලී වික්‍රමසිංහ, 35හැවිරිදි දර්ශනී බණ්ඩාරනායක යන මව ඇතුළු දූ දරුවන්ගේද, එම නිවසේ විසූ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි පුද්ගලයාගේද අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top