වෙනස් වුණු රත්තරන් මිල
Friday, 15 March 2024 - 9:41 | Views - 1,117
මෙරට රත්තරන් වෙළඳපොල තුළ රන් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඊයේ (14) දිනයේ, කැරට් 22ක රන් පවුම රු.172,700.00 ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුම රු. 188,350.00ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.
කැරට් 21 රන් පවුමක මිල රු.164,850.00 ලෙසින්ද සටහන් වී තිබුණා.
Share This Article