ක්ෂය රෝගීන් ඉහළට..
Friday, 15 March 2024 - 9:04 | Views - 554
මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම 14%කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කරනවා.
එමෙන්ම මෙරට හඳුනාගත් ක්ෂය රෝගීන් අතරින් දිනකට රෝගීන් දෙදෙනෙකු මිය යන බවද එහිදී අනාවරණය කෙරුණා.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, සති දෙකකට වඩා පවතින කැස්ස, රාත්‍රීයට අධික ලෙස දහදිය දැමීම, සවස් කාලයේ මඳ උණ ගතියක් පැවැතීම, අධික තෙහෙට්ටුව, බර අඩුවීම, හුස්ම ගැනීමේ අපහසුව, කෑම අරුචිය සහ සෙම සමඟ රුධිරය පිටවීම ක්ෂය රෝග ලක්ෂණ විය හැකි බවයි.
ලෝක ක්ෂය රෝග දිනය සෑම වසරකම මාර්තු මස 24 වැනිදාට යෙදී ඇති අතර මෙවර එහි තේමාව වී ඇත්තේ '' ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැකියි'' යන්නයි.
මෙරට බෝවන රෝග අතරින් වැඩිම මරණ සංඛාවක් සිදුවන්නේ ක්ෂය රෝගය හේතු කොට ගෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
2023 වර්ෂයේදී පමණක් මෙරටින් ක්ෂය රෝගීන් 9,358 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය මෑතකදී වාර්තා වූ වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාව ද වෙනවා.
මෙරට වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ නගර සීමාවෙන්.
Share This Article