ක්ෂය රෝගීන් ඉහළට..
Friday, 15 March 2024 - 9:04 | Views - 555
මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම 14%කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කරනවා.

එමෙන්ම මෙරට හඳුනාගත් ක්ෂය රෝගීන් අතරින් දිනකට රෝගීන් දෙදෙනෙකු මිය යන බවද එහිදී අනාවරණය කෙරුණා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, සති දෙකකට වඩා පවතින කැස්ස, රාත්‍රීයට අධික ලෙස දහදිය දැමීම, සවස් කාලයේ මඳ උණ ගතියක් පැවැතීම, අධික තෙහෙට්ටුව, බර අඩුවීම, හුස්ම ගැනීමේ අපහසුව, කෑම අරුචිය සහ සෙම සමඟ රුධිරය පිටවීම ක්ෂය රෝග ලක්ෂණ විය හැකි බවයි.

ලෝක ක්ෂය රෝග දිනය සෑම වසරකම මාර්තු මස 24 වැනිදාට යෙදී ඇති අතර මෙවර එහි තේමාව වී ඇත්තේ '' ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැකියි'' යන්නයි.
මෙරට බෝවන රෝග අතරින් වැඩිම මරණ සංඛාවක් සිදුවන්නේ ක්ෂය රෝගය හේතු කොට ගෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

2023 වර්ෂයේදී පමණක් මෙරටින් ක්ෂය රෝගීන් 9,358 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය මෑතකදී වාර්තා වූ වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාව ද වෙනවා.

මෙරට වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ නගර සීමාවෙන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top