සමලිංගික විවාහ නීතිගත වෙයි ?
Thursday, 14 March 2024 - 16:29 | Views - 620
සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාවට සහාය වන තීන්දු දෙකක් ජපාන දිස්ත්‍රික් උසාවියෙන් ලබා දී තිබෙනවා.
ඒ අනුව, ජපානයේ සමලිංගික විවාහ තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි යළිත් අධිකරණය තීන්දු කර ඇත්තේ.
මෙම සතියේදී, ටෝකියෝ සහ සපෝරෝහි උසාවි විසින් එය "ව්‍යවස්ථා විරෝධී" බව තීන්දු කළේ, පෙර තීන්දුවලට ද අනුකූලව බවයි සඳහන් වන්නේ.
දැනට සමලිංගිකයින් සඳහා පැහැදිලි නීතිමය ආරක්ෂාවක් ලබා නොදෙන එකම G7 රට ජපානය වන අතර, සමලිංගික සංගම්වලට ඉඩ ලබා දෙන එකම රට වන්නේ තායිවානයයි.
ජපානයේ මහ නගර සභා සහ ප්‍රාන්ත කිහිපයක් පමණක් සමලිංගිකයින්ට සමහර ප්රතිලාභ ලබාදෙන අතර, ඔවුන්ට සමාන නීතිමය පිළිගැනීමක් ලබා නොදෙන බවයි වාර්තා වන්නේ.
මේ සඳහා, මහජන සහයෝගය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බැවින්, අගමැති ෆුමියෝ කිෂිඩාගේ රජය මෑත වසරවලදී මෙම ගැටලුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඡන්ද විමසීම්වලින් පෙන්නුම් කරන්නේ ද ජනගහනයෙන් 70%ක් සමලිංගික සංගම්වලට සහාය දක්වන බවයි.
Share This Article