ටික්ටොක් තහනමට එන කෙටුම්පත
Thursday, 14 March 2024 - 12:23 | Views - 259
ලොව පුරා ප්රචලිත ටික්ටොක් යෙදවුම සිය රට තුළ තහනම් කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්රී මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර තිබෙනවා.
මෙය කෙටුම්පතක් ලෙස නියෝජිත මන්ත්රී මණ්ඩලය තුළ සම්මත වුවද, එය නීතියක් බවට පත්වීම සඳහා සෙනෙට් සභාවේ සහ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අත්සන යෙදිය යුතු වනවා.
2012 වසරේ චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම යෙදවුම හරහා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවට මත පළ වුණා.
ඒ අනුවයි නීති සම්පාදකයින් විසින් මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ.
Share This Article