මේ භාණ්ඩවල මිල පහළට , අලුත් අවුරුද්දට ලැබෙන අලුත්ම සහනය මෙන්න
Thursday, 14 March 2024 - 9:51 | Views - 524
සුදු සීනි කිලෝග්‍රෑමයක තොග මිල, රුපියල් 300 සිට රුපියල් 265 දක්වා පහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සඳහන් කරනවා.

පිටි රුපියල් 190 සිට රුපියල් 175 දක්වා පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පරිප්පු කිලෝග්‍රෑමයක තොග මිල ද, රුපියල් 350 සිට රුපියල් 285 දක්වා පහළ දමා ඇති බවද සඳහන්.

මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ දී පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව කුකුළු මස් ලබා දීමට ඇති හැකියාව සම්බන්ධව ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී කුකුළු මස් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් කුකුළු මස් නිෂ්පාදකයන් අඩු මිලක් ඉදිරිපත් කරද්දී, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි මිලක් ගණනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කුකුළු මස් නිෂ්පාදකයන් කියා සිටියේ, උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1150කට අලෙවි කිරීමට සහ හිඟයකින් තොරව වෙළෙඳපොළට කුකුළු මස් නිකුත් කිරීමට හැකි බවයි.

කෙසේ වෙතත් මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර දැනුම් දුන්නේ, කුකුළු මස් හා බිත්තර මිල සම්බන්ධව මහජනතාව දැඩි අවධානයකින් සිටින බවත්, ඒ නිසා අවම මිලක් යටතේ කර්මාන්තකරුවා, පාරිභෝගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂාවන අයුරින් කුකුළු මස් සැපයීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top