භයානක අනතුරු ඇඟවීමක් , එයාලාගෙන් ඈත්වෙලා ඉන්න වෙයි..
අපි ගොඩක් දෙනෙක් සුරතල් සතුන්ට ආදරය කරනවා..
ඒ නිසාම මේ අයත් එක්ක විනෝද වෙන්න, කාලය ගත කරන්න ගොඩක් දෙනෙක් දෙපාරක් හිතන්නේ නැහැ..
ඒත් දැන් ඒ අයව ළඟට ගන්න ඕන පරිස්සමෙන්.. මේ බලන්නකෝ ඇයි එහෙම කියන්නේ කියලා..
බටහිර ජපානයේ Fukuyama නගරයේ උග්‍ර විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට බළලෙකු වැටීම හේතුවෙන් තම සුරතල් සතුන්ගෙන් ඈත් වන ලෙස ජනතාවට අනතුරු අඟවා තිබෙනවා..
එම බළලා එතැනින් පැන ගොස් ඇති බව CCTV දර්ශනවලින් අනාවරණය වී ඇති බවද සඳහන්..
hexavalent chromium නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට මෙම බළලා වැටී ඇති බවයි වාර්තා වන්නේ..
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පිළිකා තත්ත්වයන් සහ එහි බලපෑම නිසා ආසාත්මිකතාවයන් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි..
ඒ අනුව Fukuyama නගරයේ පදිංචිකරුවන්ට බළලුන් ඇතුළු සුරතල් සතුන්ගෙන් ඈත්ව සිටින ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ..