පාතාල නායකයා රැකවල් මැද, අනුරාධා සමඟ විවාහ වෙයි !
Wednesday, 13 March 2024 - 8:48 | Views - 555
ඒක ටිකක් වෙනස් විදිහක ආදර කතාවක්.. ආදරය කරනකොට කවුරු වුණත් කැමති සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න නේ..

ඒත් ඉතින් ඇයට නම් ඒ අවස්තාව අහිමි වෙලා.. 

ඒත් ඒක ඇයටත් දැන් පුරුදු දෙයක් වෙන්න ඇති.. අධික ආරක්ෂාවක්.. ගිනි අවි එක්ක පිරිවරාගත් සේනාවක් තමයි මෙයාලාගේ විවාහයේ අමුත්තෝ වුණේ..

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ මිනිමැරුම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේ සිරගතව සිටි එරට ප්‍රබල පාතාල කල්ලි නායකයකු දැඩි පොලිස් ආරක්ෂාව මැද ඊයේ විවාහ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා..

සන්දීප් නොහොත් කාල ජිතේඩි නැමැති මේ අපරාධකරුට සිය විවාහය සඳහා නවදිල්ලි අධිකරණයකින් උදෑසන 10 සිට පස්වරු 4 දක්වා තාවකාලික නිදහසක් ලබා දී තිබූ බව ද වාර්තා වෙනවා...

ඔහු අධි ආරක්ෂාව යටතේ බන්ධනාගාරයේ සිට උත්සවශාලාව වෙත රැගෙන එනු ලැබු අතර, ඔහුගේ මනාලිය වූයේ අපරාධ චෝදනා රැසකට සිරගත වී සිට පසුව ඇප මත මුදා හරිනු ලැබූ අනුරාධා චවුද්රි නොහොත් මැඩම් මිනිස් නමැති කාන්තාවක් බව ද වාර්තා වෙනවා..

කාල ජිතේඩිගේ නීතිඥවරයා ඉන්දීය රුපියල් 51,000ක් ගෙවා එම විවාහ උත්සවය වෙනුවෙන් නවදිල්ලි නුවර සන්තෝෂ් නමැති උත්සවශාලාවක් වෙන් කර තිබු බවත්, තවත් අපරාධ කල්ලියක් සමඟ ගැටුමක් ඇති කරගැනීම සහ කාල ජිතේඩි අත්අඩංගුවෙන් මිදී පැනයෑම වැළැක්වීම සඳහා පොලිසියේ 250කට වැඩි පිරිසකගෙන් යුතුව අධි ආරක්ෂාවක් යොදා තිබූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ...

දිල්ලි පොලිසියේ විශේෂ කණ්ඩායම් සහ අපරාධ අංශයේ කණ්ඩායම් කිහිපයක් ආයුධ සන්නද්ධව උත්සව ශාලාව අවට රැකවල් යොදා මෙම විවිහාය සිදුකර තිබෙනවා..

ඒ සඳහා අධි තාක්ෂණයෙන් යුතු ආයුධ අතැතිව කමාන්ඩෝ බළකායේ නිලධාරීන් ද, පොලිස් සුනඛයන් ද යොදවා තිබූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා..


මීට අමතරව සීසීටීවී කැමරා විශාල ප්‍රමාණයක් සවි කර තිබු බවත්, ඩ්‍රෝන මඟින් විවාහ උත්සවයේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය කරමින් තිබූ බවත් වාර්තා වන්නේ..

එම විවාහ උත්සවය සඳහා ආරාධිතයන් 250කට ඇරියුම් කර ඇති අතර, සියලු ආරාධිතයන් පරීක්ෂාවට ලක් කිරීමට සහ උත්සවයට එක් වී සිටි වේටර්වරුන්ට වෙනම හැඳුනුම්පත් නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා..








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top