මහ රෑ අවුරුදු නැකතට නැවතත් චෝදනා..
Tuesday, 12 March 2024 - 10:22 | Views - 521
රාජ්‍ය නැකත් කමිටුව මෙවර ප්‍රකාශයට පත් කර ඇති සිංහල දෙමළ අලු‍ත් අවුරුදු නැකත්වලට අනුව චාරිත්‍ර කටයුතු කළහොත් මහත් විනාශයක් සිදුවිය හැකි බව ජාතික නැකත් කමිටුවේ සාමාජිකයින් මෙන්ම ජාතික ජෝතිශ්‍යවේදීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් කියා සිටියේ දැනට ප්‍රකාශයට පත් කර ඇති නැකත් වහාම වෙනස් කළ යුතු බවයි.

මෙවර සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද උදාවීමේ නැකත අප්‍රේල් 13 වන සෙනසුරාදා රාත්‍රී 9.05ට යෙදී තිබෙනවා.

ආහාර පිසීමේ නැකත අප්‍රේල් 13 වන සෙනසුරාදා රාත්‍රී 11.06ට යෙදී ඇති අතර වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 14වනදා ඉරිදා අළුයම 12.06ටයි.

මෙම අවුරුදු නැකත් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එහි දෝෂ පවතින බවට ඇතැම් ජෝතිශ්‍යවේදීන් මත පළ කළ අතර ජාතික නැකත් කමිටුව ද ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා මල්වතු හා අස්ගිරි මහා විහාර වෙත ඊයේ (11) පැමිණියා.

අනතුරුව එම පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදැක උන්වහන්සේට සංදේශයක් ද භාර දුන්නා.

පසුව ඔවුන් අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් වෙත ද සංදේශය භාර දුන්නා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top