කැනඩාවේදී, ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙක් ඝාතනය කිරීම ගැන නවතම හෙළිදරව්ව..
Friday, 08 March 2024 - 7:57 | Views - 1,852
කැනඩාවේ ඔටාවාහි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව තොරතුරු රාශියක් හෙළිවී තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනය වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිට කැනඩාවේ මෑතකදී පදිංචියට ගිය පවුලක් බවයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙම අපරාධයට සම්බන්ධව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු බවයි ද සඳහන්.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ, මෙම අපරාධය වෙඩිතැබීමක් බවයි. නමුත් නවතම තොරතුරුවලට අනුව සඳහන් වන්නේ, දරුණු ආයුධයකින් මෙම අපරාධය සිදුකර ඇති බවයි.

35 හැවිරිදි දර්ශනී බණ්ඩාරනායක නම් මවත්, හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි දියණිය අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි දියණිය රින්යානා වික්‍රමසිංහ සහ
මාස දෙකක දියණිය කෙලී වික්‍රමසිංහ මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර පොලීසිය පැවසුවේ, දරුවන්ගේ පියා ධනුෂ්ක වික්‍රමසිංහ තුවාල ලබා මේ වන විට රෝහල්ගතව සිටින බවයි.

එමෙන් ම 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නමැති තවත් පුද්ගලයෙක් ද ඝාතනයට ලක්ව තිබෙනවා.

එසේම, ඝාතනය සිදුකළ පුද්ගලයා ශිෂ්‍යයෙකු බවත්, "ඔහුගේ ඉගනීමේ අවසන් වාරය 2023 ශීත ඍතුවෙන් අවසන් වීමට නියමිතව තිබූ බවද වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

තවද , ඔහු ඊයේ(07) සවස් වරුවේ අධිකරණයට පෙනී සිටි අතර, අසුන් ගැනීමට පෙර ඔහුගේ නම සහ උපන් දිනය සඳහන් කරමින් මඳ වශයෙන් කතා කළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top