අධික හිරු එළියෙන් , ඇස් ආරක්ෂා කර ගන්න !
Thursday, 07 March 2024 - 15:00 | Views - 860
අධික හිරු එළියත් සමඟ ඇති වන පාරජම්බූල කිරණ මඟින් ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව පියවර ගතයුතු බව අක්ෂි විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග පවසනවා.

ඇය කියා සිටියේ, මෙමඟින් අන්ධභාවයට පවා පත්විය හැකි බවයි.

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (07) වයඹ සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා පවත්නා උෂ්ණත්වය සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන තාප දර්ශකය, එම පළාත්වල සහ දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවල ‘අවදානම මට්ටම’ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද සඳහන් වනවා.

තවද, 'අවදානම මට්ටමේ' උපදේශනයට අනුව, දිගුකාලීන නිරාවරණය සහ ක්‍රියාකාරකම් සමඟ තෙහෙට්ටුව ඇතිවිය හැකි අතර, හැකිතාක් ජලය භාවිතා කිරීම ආරක්ෂාකාරී බවටයි සෞඛ්‍ය අංශ මීට පෙර ද සඳහන් කර තිබුණේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top