ආදරවන්තයින්ගේ දිනය දා වෙන්න ගිය මහා විනාශය , ගමන් මඟ වෙනස් වුණොත් ඉවරම තමයි..
Wednesday, 14 February 2024 - 16:15 | Views - 758
කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්රහකයක්, අද වැලන්ටයින් දිනය හෙවත් ආදරන්තයන්ගේ දිනය දා පෘථිවිය අසලින් යෑමට නියමිත බවට වාර්තා වුණා.
‘2024 බීආර්4’ යන නමින් නම් කළ මෙම ග්රහකය, පළමු වරට සොයා ගැනීම සිදුවූයේ පසුගිය ජනවාරි 30 වැනිදා.
ග්රහකය පෘථිවිය අසලින් යනු ඇත්තේ, කිලෝ මීටර් මිලියන 4.6 ක් ඈතිනි.
ග්රහකයේ ගමන් මඟ වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටී මහා විනාශයක් වීමට ඉඩ තිබෙන බව විද්යාඥයන් බිය පළ කළත්, එවැන්නක් සිදු නොවන බවට ඇමෙරිකාවේ නාසා විද්යාඥයෝ සහතික වී තිබෙනවා.
Share This Article