ඡායාරුවක ඇත්ත දැනගමු.....පසුගිය දිනවල පහත අප සඳහන් කර ඇති ඡායාරූපය , සමාජ මාධ්යවල , ෆේස්බුක්වල වැඩිවශයෙන් ශෙයා වුණා. මේක සමහරු හැඳින්වුයේ, භූගත ගංගාවක විවරයක්, දිය සුළියක් වගේ, විවිධ අර්ථයන්ගෙන් .නමුත් මේක ඒ කිසිවක් නෙවෙයි. මේ කියන්න යන්නේ හරියටම මේක මොකද්ද කියලා.. ජලාශ වල වාන් දොරටු යෙදිමේ නව තාක්ෂණයක් තමයි මේ. අමෙරිකාවේ හා යුරෝපයේ ජාලාශ කිහිපයක වාන් දොරටු යොදා තියෙන්නේ මේ ආකාරයටයි කියලා තමයි විදෙස් මාධ්යවල දැක්වෙන්නේ. එසේම , මෙය සිරස් අතරට තැබු සිලින්ඩරාකාර කොන්ක්රිට් බටයක් වගේ කිව්වොත් හරියටම හරි. මෙහි ජල මට්ටම, මුව ඉක්මවා ගිය විට, ජලය සිලින්ඩරය හරහා ඉවතට ගමන් කරනවා. ඒ වගේම , ජලය බැස ගියාම මෙහි සැකැස්ම හොඳින් බලාගන්න පුලුවන්. ඒ වගේම තමයි මේ විවරය ආසන්නයේ දිය නෑම තහනම් කරලයි තියෙන්නේ..
( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )