තැඹිලි කෝම්බයෙන් පාට ගැන්වූ ලොවක් මවිතකළ අමුතුම සොයා ගැනීම (Video)
Friday, 02 February 2024 - 14:33 | Views - 1,046
තැඹිලි කෝම්බ කීයක් නම් අපේ රටේ අපතේ යනවාද..

මේ නිසා සිදුවෙන පාරිසරික විනාසය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ...

ඒත් මෙන්න දැන් ඒකට විසඳුමක් තියනවා.. මේක අපේ රටේම සොයා ගැනීමක් වෙච්ච එක අපිට තවත් ආඩම්බරයක්.. ඒත් එක්කම පවතින පාරිසරික ගැටලු රාශියකටත් මේක හොඳ විසඳුමක් වේවි..

ලොව ප්‍රථම වරට ඉවතලන තැඹිලි කෝම්බ ආශ්‍රයෙන් ඇඟලු‍ම් සඳහා යොදාගත හැකි ස්වාභාවික වර්ණක නිපදවීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා..

යුරෝපය ඇතුළු බටහිර රටවල් වාර්ෂිකව සිය ඇඟලු‍ම් නිෂ්පාදන සඳහා කෘත්‍රිම වර්ණක ටොන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කලද ඒවායින් මිනිස් සිරුරට මෙන්ම පරිසරයටද අහිතකර බවයි විද්‍යාත්මකව තහවුරු කර ඇත්තේ..

ඒ අනුව, බොහෝ පිරිස් ස්වාභාවික වර්ණක සඳහා නැඹුරු වී තිබෙනවා..

එවන් පසුබිමක් තුලයි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිස ඉවතල තැඹිලි කෝම්බ ආශ්‍රයෙන් ඇඟලු‍ම් සඳහා යොදාගත හැකි ස්වාභාවික වර්ණක නිපදවීමට සමත්ව ඇත්තේ..

ලෝකය පුරා ඇඟලු‍ම් වර්ණ ගැන්වීම සඳහා භාවිතයට ගැනෙන වර්ණක ජලයට එක්වීමෙන් සහ හිරු කිරණට නිරාවරණය වීමෙන් පරිසරයට දැඩි බලපෑමක් එල්ල කෙරෙනවා..

මේ ගැටලු‍වට යුරෝපය ඇතුළු බටහිර රටවල් ලෝකයෙන් විසඳුමක් ඉල්ලා සිටි අතර, එයට මනා විසඳුමක් ලබාදීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත්තේ ශ්‍රී ලාංකේය නාමයටද ඉමහත් කීර්තියක් ලබාදෙමින්.. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top