තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී ගැබිනි කාන්තාවත් සිය දරුවා ප්රසූත කර තිබෙන පුවතක් විදෙස් මාධ්ය වාර්තාකරනවා.
එම ගුවන් යානය ගිනියාවේ සිට බුර්කිනාෆාසෝ දක්වා පාකිස්තානයට ගමන් කරමින් තිබූ අතරතුරදීයි Nafi Diaby නම් කාන්තාව විසින් මෙම බිළිඳා ප්රසූත කර ඇත්තේ.
මෙම බිළිඳා ප්රසූත කරන අවස්ථාවේදී එම ගුවන් යානය අඩි 42000 ඉහළ අහසේ පියාසර කරමින් සිටි බවයි විදෙස් මාධ්ය වාර්තාකරන්නේ.
ගුවන් යානාවේ සේවිකාවන්ගේ හා ගුවන් යානයේ කිහිපදෙනකු දරුවා ප්රසූත කිරීමට සහය ලබා දී තිබෙන අතර එම බිළිඳා සුව තත්වයෙන් පසු වූ බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
