Samsung Galaxy s24 එළි දකී
Friday, 19 January 2024 - 8:46 | Views - 1,236
Samsung සමාගමේ මීලඟ S Series ජංගම දුරකථනය ලෙස Galaxy S24 මාදිලිය එළි දක්වා තිබෙනවා.

මෙහිදී S24 මාදිලියට අදාළව දුරකථන වර්ග 3ක් එළි දැක්වූ අතර ඒවා Galaxy S24 , Galaxy S24+ , Galaxy S24 Ultra ලෙස හඳුන්වනවා.

එමෙන්ම මෙම දුරකථනය Galaxy AI වලින් බල ගැන්වෙන පළමු දුරකථනය ද වෙනවා.

Galaxy S24 Ultra 5000 mAh බැටරියකින් සමන්විත වන අතර මෙම දුරකථනයේ Frame එක Titaniumවලින් සාදා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි DISPLAY එක අගල් 6.8 වන අතර Corning Gorilla Glass Armorවලින් නිමවා තිබෙනවා.

S24 Ultra දුරකථනය AI Features රැසකින් සමන්විත වන අතර ඒවායින් කිහිපක් ලෙස Circle to Search , Live Translate , Note Assist , Photo Assist හදුන්වා දිය හැකි‍යි.

මෙහි 12MP Ultra Wide , 200MP Wide Angle , 50MP 5x Optical Zoom & 10x Optical Quality Zoom කැමරා පද්ධතියකින් සමන්විත වන අතර සෙල්ෆි කැමරාව මෙගා පික්සල් 12කින් සමන්විත වනවා.

මේ මගින් 8K 30fps දක්වා Video Record කළ හැකි අතර 4K 120Fps දක්වාද Video Record කිරීමේ පසුකම ලබා දී තිබෙනවා.

ගිය වසරේ නිකුත් කළ 23 Ultra දුරකථනයේ සමග සැසදීමේදී Design එකෙහි විශාල වෙනසක් දක්නට නොලැබෙන අතර මෙය Titanium Black, Titanium Gray, Titanium Violet, Titanium Yellow, Titanium Blue, Titanium Green, Titanium Orange ලෙස වර්ණ මාදිලි 7කින් හදුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙය Qualcomm Snapdragon 8 Gen 3 (4 nm) Chipset එකෙන් බල ගැන්වෙන අතර 45W wired , 15W wireless සහ 4.5W reverse wireless Charging Support කරනු ලබනවා.

මෙහි Storage එක 256GB , 512GB සහ 1TB ලෙස මාදිලි 3කින් මිලදී ගත හැකි අතර RAM එක 12GB වනවා.

මේ වන විට Samsung වෙබ් අඩවිය හරහා Pre Oder කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර $1299.99 සිට මිල ගණන් ආරම්භ වනවා. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top