අ.පො.ස උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිත බව මේ වෙනකොට හැමෝම දන්නවානේ..
ඒත් මේ කියන්න යන්නේ හෙට විභාගයට මුහුණ දෙන්න ඉන්න ඔබට වැදගත් ආරංචියක්..
ඒ අනුව විභාග කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා...
'කොරියානු භාෂාව' නව විෂයක් ලෙස එකතු වී ඇති අතර එම විෂය එකතු කිරීමට යෑමේදී කාල සටහනේ සුළු වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට වූ බවයි ඔහු සඳහන්කර සිටියේ...
පෙර පැවති කාලසටහන පරිහරනය නොකරන ලෙස ඔහු දන්වා සිටිනවා...
ඇතැම් වෙබ් අඩවි තුළ කාලසටහන වැරදි ලෙස තිබිය හැකි බැවින් ප්‍රවේශපත්‍රයේ සඳහන්කර ඇති කාලසටහන අනුගමනය කරන ලෙසයි අමිත් ජයසුන්දර සඳහන්කර සිටින්නේ...
අපේක්ෂකයින්ගේ පහසුවට ප්‍රවේශපත්‍රයේ කාලසටහන දක්වා ඇති බවත් එහි වෙන්කරන කොටසෙහි ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය, විෂය අංකය, කුමන පත්‍රය ද, මාධ්‍ය, ඒ විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙන බවත් එය අනුගමනය කරන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ...