යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ පිළිබඳ තොරතුරු කඩිනමින් පොලිසිය වෙත ලබාදීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් මෙලෙස හඳුන්වා දී ඇති දුරකථන අංකය වන්නේ 071 85 98 800 යි.
එම දුරකථන අංකය සහිත ස්ටිකර් ත්‍රිරෝද රථවල ඇලවීමේ වැඩසටහන අද කොළඹදී සිදුකරනු ලැබුවා.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ බ්ලූමැන්ඩල් පොලිස් වසමේ කිඹුලා ඇල, ඉබ්බ්ගේවත්ත, රේඩ් බානා වත්ත සහ දුම්රිය පටුමග ඇතුළු ප්‍රදේශවල පිහිටි නිවාස අද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා.
මෙහිදී හෙරොයින් ළඟ තබාගත් 20 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 06 දෙනෙකු ඇතුළු සැකකරුවන් 33 දෙනෙකු සිය භාරයට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළා.
මේ අතර කිසියම් අපරාධයකට භාවිත කළ බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පල්ලෙවෙල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, පස්යාල, මක්කානිගොඩ ප්‍රදේශයේ නිවසක, මෙට්ට කවරයක් තුළ සඟවා තිබියදියි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ සිටි, තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට සැකකෙරෙන ව්‍යාපාරිකයෙකු පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අම්බලන්ගොඩ ධීවර වරාය නිවාස ද අද පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී වතුගෙදර ආඳාදොල ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ආඳාදොල ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන සහ පාතාල ක්‍රියාකාරකම්වල නිරත ”අටේ කල්ලිය” නමින් හඳුන්වන කණ්ඩායමේ සාමාජිකයෙක් බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර, යාපනය දිස්ත්‍රික් පොලිස් විමර්ශන ඒකකයට ලද තොරතුරු මත සිදු කළ නිවෙස් පරීක්ෂා කිරීම්වලදී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල් ද සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට පත් එක් සැකකරුවෙක් තොන්ඩාවිල් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා බවයි.