ගෑස් මිලත් ඉහළට
Monday, 01 January 2024 - 12:43 | Views - 879
අද (01) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, කිලෝ ග්රෑම් 12.5 රුපියල් 685කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රු. 4250.00 වෙනවා.
එමෙන්ම කිලෝ ග්රෑම් 5 සිලින්ඩරයක් රු.276.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මුදල රු.1707.00 ලෙස සටහන් වී තිබෙනවා.
තවද කිලෝ ග්රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 127.00කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 795.00 ලෙසයි.
Share This Article