ෂාන් විජයලාල් සජබෙට..
Monday, 01 January 2024 - 10:40 | Views - 909
දකුණු පළාතේ හිටපු මහ ඇමති , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා අද (01) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට එක්ව තිබෙනවා.
ඉන් අනතුරුව ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ෂාන් විජයලාල් ද සිල්වා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ,ශාන් විජයලාල් ද සිල්වා මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක්.
Share This Article