නව වැට් බදු සංශෝධන අද සිට..
Monday, 01 January 2024 - 8:33 | Views - 530
නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

වැට් බද්ද ඉහළ නැංවීම සඳහා ගෙන ආ පනත් කෙටුම්පත පසුගිය 11 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 2024 ජනවාරි පළමුවනදා සිට එනම් අද (01) සිට 18% තෙක් ඉහළ නංවාළමින්.

එහිදී මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා මෙම වැට් බදු වැඩිවන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

LP ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් ද නව වැට් බද්දට යටත් වන අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන් රථ ආනයනය සඳහාත් වැට් බද්ද පැනවෙන අතර රසායනික පොහොර හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණද වැට් බද්දට යටත් වනවා.

එමෙන්ම සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති සඳහා ද වැට් බද්ද පනවනු ලබනවා.

දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභාරණ, මෘදුකාංග, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා දියර කිරිද වැට් බද්ද වැඩිකරන භාණ්ඩ ලැයිස්තුවට අයත්.

දේශීය ධාන්‍ය වර්ග යොදාගනිමින් නිෂ්පාදනය කරන අධිපෝෂිත ආහාර සහ දේශීයව නිෂ්පාදිත පොල්තෙල් සඳහාද වැට් බදු අයකෙරෙනු ඇති.

මේ අතර වැට් බද්ද වැඩි වීමත් සමග මිල ඉහළ යන ඇතැම් භාණ්ඩ හා සේවා පිළිබඳ මේ වන විටත් අදාළ පාර්ශව නිවේදන නිකුත් කර තිබෙනවා.

වැට් බදු සංශෝධනයත් සමඟ අද දිනයේ සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 100 දක්වා වැඩිකරන බව ‍ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

එමෙන්ම ජංගම දුරකථන ආනයනය කිරීමේ දී සියයට 18%ක වැට් බද්දක් අය කිරිම හේතුවෙන් දුරකථන මිල ගණන් ද ඉහළ යන බව ජංගම දුරකථන ආනයනය හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මෙම වැට් බදු සංශෝධනයත් සමඟ අද දිනයේ සිට ආපන ශාලාවල ආහාර මිල ගණන් ද ඉහළ යන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය ද මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ සඳහන් කළා.

එමෙන්ම දුම් වැටි සහ මත්පැන් මිලද අද දිනයේ ඉහළ දැමීමට නියමිතයි. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top