නව වසරට රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම් දීමක්..
Monday, 01 January 2024 - 8:07 | Views - 1,587
නව වසර උදාවත් සමඟම සියලු රාජ්‍ය ආයතනවලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ නව වසරේ රාජකාරී ආරම්භ කරන අද (01) දිනය තුළ සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක් පවත්වන ලෙසයි.
චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන්කර ඇති අතර එහි ප්‍රධාන නිල උත්සවය අද පෙරවරු 09ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
එහි දී සියලු රජයේ නිලධාරීන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව හඬ නගා කියවීම ද සිදු කළ යුතු බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Share This Article