ඉන්ධන මිල වෙනස් වෙයි !
Monday, 01 January 2024 - 7:11 | Views - 844

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 366 ක් ලෙසටයි.
මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 464ක් ලෙසටයි.
ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 358 ක් ලෙස සටහන් වෙයි.
ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 475ක්.
ලංකා භූමිතෙල් මිල රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 236ක් ලෙසටයි.
up date..
ලංකා IOC සමාගම සහ SINOPEC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
මේ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 366ක් ලෙසයි.
එමෙන්ම පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464ක් ලෙස සටහන්.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 358ක් ලෙස දැක්වෙනවා.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසයි
භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් ලෙස සටහන් වුණා.
Share This Article