ලබන අවුරුද්දේ සිට වැඩිවන වැට් බද්ද හේතුවෙන් විශාල ගැටළුවලට ලක් වීමට සාමාන්‍ය ජනයාට සිදු වී තිබෙනවා.
ඒ ඊට සමගාමීව විශාල ලෙස භාණ්ඩ මිල වැඩි වීම හේතුවෙන්. මේ ඒ වැඩිවන වැට් බද්දට සමගාමීව වැඩිවන තවත් සේවාවක මිල ගනන් ගැන කතාවයි .
මේ වන විට වැට් බදු සංශෝධනය සඳහා රජය ගත් පියවරත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව අදාළ දුරකථන සමාගම් පවසා තිබෙනවා.
මේ හේතුවෙන් සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසා ඇති බවයි වාර්තා වන්නේ.