තවත් වසර ගණනාවකට ශ්‍රී පාද අඩවියට සිදුවෙන වෙනස..
Sunday, 31 December 2023 - 8:11 | Views - 1,004
ශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පනහක කාලයක් සදහා විදුලි බලය කිසිදු බාධාවකින් තොරව ලබාදිමට සැලසුම් සකස්කර තිබෙනවා..

ඒ අනුව නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්බලම සහ ඉදිකටුපාන යන ප්‍රදේශවල ලංකා විදුලි බල මණ්ඩලය විසින් අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆොමර් හතරක් සවි කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා...

ශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පනහක කාලයක් සදහා කිසිදු බාධාවකින් තොරව විදුලි බලය ලබාදිම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදිමට, ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විදුලිය ලබාදිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව, ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම පළාත් කැනිම් ඉංජිනේරු ධම්මික බණ්ඩාර පවසනවා...

මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය විදුලි ට්‍රාන්ස්ෆොමර් හතරක් , යකඩ විදුලි කණු , විදුලි රැහන් , සිමෙන්ති සහ අනෙකුත් අමුද්‍රව්‍යයන් නල්ලතන්නිය ක්‍රිඩාංගණයේ සිට ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටර් යානයකින් රතු අම්බලම සහ ඉදිකටුපාන දක්වා රැගෙන ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ..

එසේ රැගෙන ගිය විදුලි ට්‍රාන්ස්ෆොමර් හතර මේ වන විට සවි කර ඇති අතර දැනට ශ්‍රි පාදස්ථානයට විදුලිය සපයන රතු අම්බලම ප්‍රදේශයේ සවි කර ඇති KV 25 විදුලි ට්‍රාන්ස්ෆොමරය වෙනුවට KV 160 විදුලි ට්‍රාන්ස්ෆොමර් දෙකක් ස්ථාපනය කර තිබෙ අවා..

එසේම , ඉදිකටුපානේ ස්ථාපනය කර ඇති KV 25 ට්‍රාන්ස්ෆොමර් දෙක වෙනුවට KV 100 සහ KV 160 අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆොමර් දෙකක් මේ වන විට සවි කර ඇති බවත්, ඒ සදහා විදුලි රැහන් ඇදිම මේ දිනවල සිදු කරන බවත් එම ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් කිය සිටියා... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top