ආශාවෙන් කන දෙයක් ගැන , භායනක කතාවක්..
Wednesday, 27 December 2023 - 10:56 | Views - 749
ත්‍රිපෝෂ කන්න ලොකු කුඩා හැමෝම කැමතියි නේ. ඒත් මේ කතාව ටිකක් භයානකයි.
ගැබිණි මව්වරුන්, කුඩා දරුවන් සහ කිරිදෙන මව්වරුන් සඳහා ලබා දෙන ත්‍රිපෝෂ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් චෝදනාවක් සිදු කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ත්‍රිපෝෂවල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමේ තීරණයක් ආණ්ඩුව ගෙන ඇති බවයි.
ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එම කැබිනට් තීරණයට අනුව ත්‍රිපෝෂවල දැනට අඩංගු වන බඩඉරිඟු කොටස් බිලියනයක ‘ඇෆ්ලටොක්සින්’ කෝටස් 5ක ප්‍රමාණය 10ක් දක්වා ඉහළ දමන බවද ඔහු සඳහන් කර සිටියා.
පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ ‘ඇෆ්ලටොක්සින්’ නැමැති රසායනිකය ශරීරගත වීමෙන් අක්මාවට හානි විය හැකි නිසා එම රසායනිකය පිළිකා කාරකයක් ලෙස පිළිගැනෙන බවයි.
අදාළ කැබිනට් තීරණයත් සමඟ 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කිරීමට නියමිත අතර එමගින් කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු සියල්ලන්ගේ ජීවිත අවදානමට ලක්වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
Share This Article