ලෝකය ඉදිරියේ ලාංකීය නාමය සිතුවම් කළ පුංචි සිත්තරා (Video)
Wednesday, 27 December 2023 - 10:27 | Views - 430
ශ්‍රී ලාංකේය නාමය ලෝකය ඉදිරියේ බබළවන දූ පුතුන්ගෙන් මේ පුංචි රටට හිඟයක් නම් නැහැ.

නාසා ආයතනයේ 2024 වසරේ දින දර්ශනයට සිය සිතුවම ඇතුළත් කරගන්නට තරම් දක්ෂතා දැක්වූ පුංචි සිත්තරෙක් පිළිබඳව පුවතක් තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

ඔහු නමින් දහම් ලෝෂිත ප්‍රේමරත්න.

තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි දරුවෙක්.

චිත්‍ර ඇදීමට සහජ දක්ෂතාවයක් දක්වන දහම් විවිධ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා.

නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරඟාවලියක් පිළිබඳවත් පුංචි දහම්ට තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරයි.

ඒ අනුව "අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම" තේමාව යටතේ දහම් ඉදිරිපත් කළ මෙම චිත්‍රයට පළමු තැන හිමිවන්නේ ලෝකයේ බොහෝ රටවල පුංචි සිත්තරුන් පරාජය කරමින්.

ඒ අනුව, දහම්ගේ මෙම ජයග්‍රාහී චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කොට තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top