බෞද්ධ දහම් පාසල් අවසන් විභාග දිනය මෙන්න
Saturday, 23 December 2023 - 13:03 | Views - 526
බෞද්ධ දහම් පාසල් අවසන් සහතික පත්ර විභාගය මේ මස දෙසැම්බර් 28 සහ 29 යන දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම විභාගය 2020,2021, සහ 2022 අදාළවයි මෙය පැවැත්වෙන්නේ.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්රවේශපත්ර දහම් පාසල් ප්රධානීන් වෙත තැපැල් කර යවා ඇති බවයි.
මෙතෙක් එම ප්රවේශපත්ර නොලැබී ඇත්නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස දහම් පාසල් ප්රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර බාගත කර ගැනීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම විභාගය 2020,2021,ද නියමිත පරිදි පවත්වා නොමැත.
Share This Article