රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු කප්පාදු වෙන්නේ මෙහෙමයි..
රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර තිබෙනවා.
එම නිවාඩු අඩු කරන ලෙස යෝජනා කර ඇත්තේ අනියම් නිවාඩු දින දහයක් සහ විවේක නිවාඩු පහළොවක් වශයෙන්.