ඊයේ රෑ ගොඩක් අය දැකපු අමුතුම '' සඳ මඩල ''
Saturday, 23 December 2023 - 10:01 | Views - 727
මේ තියෙන්නේ ඊයේ රෑ ලංකාවේ ගොඩක් අය දැකපු 22° Halo එක. මේක ඇතිවෙන්නේ මෙහෙමයි...
22° Moon halo විදියට හඳුන්වන මේක ආලෝක වර්තනය නිසා ඇතිවන සිදුවීමක්.සිංහල භාෂාවෙන් මේක හඳුන්වන්නෙ සඳ මඩල එහෙමත් නැත්නම් චන්ද්‍ර මණ්ඩලය විදියට.

භය වෙන්න දෙයක් නෑ.මේක සොබාදහමේම සාමාන්‍ය සිදුවීමක්.

පොලොවේ ඉදලා කිලෝ මීටර 6- 10km පමණ ඉහළ වායුගෝලයේ නිර්මාණය වන cirrostratus වර්ගයේ වලාකුළු වල පවතින ශඪාස්‍රාකාර අයිස් පුළිගු නිසා මේවගේ සංසිද්ධියක් අපට දැකගන්න පුලුවන් වෙනවා.

මේවා මයික්‍රෝමීටර ප්‍රමාණයේ විශාලත්වයකින් වන පුළිඟු වන අතර ඒවගේ පුළිඟු රාශියක් මේ වලාකුළු තුළ අන්තර්ගත වනවා.

එතකොට සඳෙන් පරාවර්තනය වන ආලෝකය මෙම වලාකුළු තුළ තියෙන අයිස් පුළිඟු හරහා අපේ ඇසවෙතට එද්දි අංශක 22ක වර්තන කෝණයක් හැදිලා අයිස් පුළිඟු තුළින් වර්තනය වීම සිදුවනවා.

මේ නිසා සඳ වටා අපට අංශක 22ක කෝණයක් සහිත ආලෝක වළල්ලක් අපිට දැක ගන්න ලැබෙනවා.

රෑට සද වටේ විතරක් නෙවෙයි දවල්ට ඉර වටේත් මේවා ඇති වෙනවා.

අනිත් එක තමයි මේවා හුගක් වෙලාවට ඇති වෙන්නේ ඉහල අහසේ කුණාටු තත්ව හැදෙන වෙලාවට.

ඒ නිසා මේක අද ඔයා දැක්කා නම් හෙට අනිද්දා වෙද්දි අනිවාර්යයෙන්ම කුඩයක් අරන් එලියට යන්න.

මොකද මේවා දකින්න ලැබෙන හුගක් පැතිවලට පැය 24ක් යද්දි හොද වැස්සක් ලැබෙනවා.

උපුටා ගැනීමකි... 


















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top